සෞඛ්‍ය මාර්ගෝපදේශ පඹයෙක් පමණක් වන ලකුණු ! PHIලාට බලය නොදී ගැසට්ටුව නිකුත් කෙරේ !!

මහ මැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර තිබේ. ‘2020 අංක 01 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් 19) (ඡන්ද විමසීම්) නියෝග’ මැයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමේදී, ගෙන් ගෙට ගොස් අත් පත්‍රිකා බෙදීමේදී සහ ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථානවලදී අනුගමනය කළයුතු රෙගුලාසි පමණක් මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනයෙහි සඳහන් නියෝග කඩකිරීමේදී ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරාදීමක් මෙම ගැසට් නිවේදනයෙන් සිදුකර නොමැත.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය යනු හුදෙක් බල රහිත කඩදාසියක් පමණක වීමේ ඉහළ සම්භාවිතාවක් තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එම බලය ලබා නොදෙන්නේ මහජනතාවට පීඩා සිදුවීම වැළැක්වීම සඳහා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රකාශ කර තිබුණු අතර ඊට විරෝද්‍ය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (17) දහවල් සිට කොරෝනා මර්දන රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබිණි.

ඊයේ දිනය වනවිටත් ‍පැවති තත්වය අනුව නම් පෙන්නුම් කරන්නේ රටේ ජනාධිපතිවරයාගේ සිටම පහළට පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයන් පාහේ මෙම සෞඛ මාර්ගෝපදේශ තඹයකට මායිම් නොකර මැතිවරණ ව්‍යාපාරයෙහි නිරත වන බවයි.

Comments are closed.