පාසල් සිසු සිසුවියන්ට දීර්ග නිවාඩු කාලයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වන බව අද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. මීට අමතරව උසස් පෙළ විභාගය ආරම්භවීමට පෙර ඔක්තෝබර් 11 වැනිදා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වේ.

මීට සමගාමීව දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා සිට ආරම්භ වන බවත් එම නිවාඩුව නොවැම්බර් 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් මාර්තු 13 වැනිදා සියලු පාසල් වසා දැමූ අතර තවමත් නිසි පරිද පාසල් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. ජුලි මස තුළදී පියවර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට පියවර ගත් නමුත් නැවතත් කොවිඩ් අවදාම ඉහළ යාම හේතුවෙන් පාසල් වසා දමා තිබේ. ලබන 27 වැනිදා සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති සඳහා පමණක් පාසල් විවෘත කෙරෙන අතර පූර්ණ ලෙස පාසල් විවෘත කිරීම මහ මැතිවරණය අවසන් වනතෙක් කල්දමා තිබේ.

Comments are closed.