අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයකු අද(23) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලිමකදියී.
මෙසේ අත්අඩංගුවට ගත් සුරාබදු කොස්තාපල්වරයා අනුරාධපුර සුරා බදු කාර්යාලයේ කොස්තාපල්වරයකු බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
සුරා බදු කොස්තාපල් සමග අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් හමුවී තිබෙනවා.
කොස්තාපල්වරයා සමඟ මත්ද්‍රව්‍ය මිලදීගැනීමට පැමිනි කාන්තාවන් 5දෙනෙකු, තරුණයින් දෙදෙනෙකුද හා කුඩා දරුවකුද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබෙනවා.
කලක සිට මෙම ජාවාරම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සුරා බදු කොස්තාපල්වරයා ඇතුළු පිරිස අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබූ සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ කොමසාරිස් ජනරාල්වරයා අදාළ නියෝගය ලබා දුන් බවයි.
Comments are closed.