ඡන්දෙට විතරක් මතුවෙන දේශපාලඥයො ඉද්දි මම හැමදාම හිටියෙ ජනතාව අතර – සජිත්

රණසිංහ ප්‍රේමදාසගෙන් පසු කොළඹින් බිහි වූ කිසිදු අගමැතිවරයෙකු කොළඹ ජනතාවට සේවය කර නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොටහේන ප්‍රදේශයේ ඊයේ (02) පැවති ජනහමුවක් අමතමින්.

හිටපු ඇමතිවරුන් මැතිවරණය නිසාවෙන් දැන් පාරට බැස සිටියද පසුගිය කාලයේදී ටයිකෝට් පැළඳ සිටියදී සොයාගත නොහැකිවූ නමුත් තමන් සෑමදාම සිටියේ ජනතාව අතර බව ඒමහතා සිහිපත් කර සිටිනවා.

ජනතාවට දේශපාලඥයන් පස්සේ යාමට සිදුවන පාලනයක් තමන් නොකරන බවත් තමන් ජනතාව වෙත පැමිණ නිවෙස් සාදා දෙන බවත් එම මහතා පවසනවා.

“කොළඹින් මුදල් ඇමතිවරු ආවා, අගමැතිවරු ආවා මොනවද උතුරු කොළඹට කළේ? මෙදාපාර ඔරිජිනල් ප්‍රේමදාස උතුරු කොළඹට ඇවිත් ඉන්නවා” යැයි ඒ මහතා පවසයි.

Comments are closed.