දීපිකා උඩගම මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන බව දැනුම් දීලා !
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඇය ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා දැනුවත් කර තිබේ.
හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ව්‍යවස්ථාදායක සභාව රැස් වූ අතර මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියගේ තීරණය පිළිබඳ කරු ජයසූරිය මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දැනුවත් කර තිබේ.
දීපිකා උඩගම මහත්මිය ව්‍යවස්ථාදායක සභාව වෙත දැනුම් දී තිබෙන්නේ සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
ව්‍යවස්ථාදායක සභාව විසින් ඇයගේ ඉල්ලා අස්වීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ නීති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී 2015 ඔක්තෝබර් 30 වැනි දින උඩගම මහත්මිය මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට ඇය පත් කෙරිණි. ඒ අනුව ඇයගේ සේවා කාලය වසර පහකට ආසන්න වේ.
Comments are closed.