උප්පැන්නයේ ජනවර්ගය වෙනුවට ’ශ්රී ලාංකික’ එකතු වෙයි – විවාහක අවිවාහක බවත් ඉවතට!
මහ මැතිවරණයෙන් පසු ලබාදෙන ඩිජිටල් උප්පැන්න සහතිකයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කෙරෙන අතර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්රි ලාංකික යනුවෙන් සඳහන් වේ. අදාල ශීර්ෂය ජාතිය ලෙස මෙතෙක් සඳහන් වී තිබූ අතර ඊට ඉදිරියෙන් මෙතෙක් ජාතිය ලෙස සටහන් වූයේ සිංහල, දෙමළ, මුස්ලිම්…. ආදී ජන වර්ගයයි.
මීට අමතරව මව සහ පියාගේ විවාහක අවිවාහක බව යන ශීර්ෂය ද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. දෙමව්පියන්ගේ විවාහක අවිවාහක බව උප්පැන්න සහතිකයේ සටහන් වීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන් විවිධ අවස්ථාවලදී මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා මෙම තීරණය ගත් බවයි රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කරන්නේ.
මෙම කරුණු දෙක සම්බන්ධයෙන් දිගු කලක් විවිධ සංවාද ඇති වූ අතර විශේෂයෙන් සියලු ශ්රී ලාංකිකයන්ගේ උප්පැන්න සහතිකයේ ජාතික ශ්රී ලාංකික වෙනුවට ජනවර්ගය සඳහන් වීම පිළිබඳව බොහෝ කතාබහට ලක් විය. එම ශීර්ෂය සංශෝධනය වීම පැසසිය යුත්තකි.
Comments are closed.