මඩ කලපුවේ රාජ්යයාන්ත්රණය අපකීර්තියට….. වාසුදේවන්ගේ බලය අයුතු ලෙස භාවිතා කිරීම……
රාජ්‍ය සේවයට නුසුදුසු අකාර්යක්ෂම නිලධාරීන් පත් කිරීම තුළින් ඔවුන් ඔවුන් ඔවුන්ට රිසි සේ බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් සමාජයේ බොහෝ දූෂණ වංචාවන් ඇතිවීම ප්‍රධාන හේතුවයි.එමගින් ආර්ථික ප්‍රගතිය අඩාලවීම සහ සිවිල් පරිපාලනය සුමටව පවත්වාගෙනයාමට බාධාවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
එසේ මඩකලපුව මන්මුනායි-උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වාසුදේවන්, තම පුද්ගලික රුචි අරුචිකම් සඳහා තමාවෙත පැමිණෙන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සහ ඔවුන්ගෙන් පළිගැනීමට තමන්ට ඇති බලය අනිසි ලෙස භාවිතා කරයි. (එය පහත සඳහන් දුරකථන සංවාද හඬ පටය සාක්ෂි දරයි).
ඉඩම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය වසර 15 ක කාලය තුළ ඇතැම් සිවිල් සේවකයින් විසින් තමාට අයුක්තියක් කර ඇති බවට වාසුදේවන්ටහට පෙරේදා (2020.07.17) දුරකථන ඇමතුමක් ලබා දුන් විට වාසුදේවන් සිය දුරකථනය රිසිවරය ඉවත තබා , තමාගේ කාර්යාලයේ සිටි ඔහුගේ මිතුරෙකු සමග දිගින් දිගටම සංවාදයේ යෙදෙන අයුරු හඬපටයේ පැහැදිලිව සටහන්ව ඇත.
මෙම අසාධාරණයට හා අගතියට ලක්වූ පුද්ගලයා පෙර දින දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගෙන තිබේ. වාසුදේවන් වරෙක සම්බන්ධ වූ අතර අසාධාරණයට ලක් පුද්ගලයාගේ කටහඩ ඇසුණු සැනින් දුරකථනය විසන්ධි කර දැමීය. එම නිලධාරියා නිරන්තරයෙන් මිතුරෙකු සමඟ කතාබස් කරමින් රිසීවරය පසෙක තබා ඔහුගේ හා මිතුරාගේ සංවාදය අගතියට පත් පාර්ශවයට සවන්දීමට සලසා අනතුරුව දුරකථනය විසන්ධි කරවන ආකාරය හඬ පටයේ පැහැදිලිව ශ්‍රවණය වේ.
මෙය අමු අමුවේ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සහ ප්‍රකෝප කිරීමකි.ඔහු නිල රාජකාරි කාලය තුළදී සිය මිතුරන් සමඟ වටිනා කාලය නාස්ති කිරීම මහත් වූ අපරාධයකි. මහජනතාවට මිත්‍රශීලී රාජ්‍ය පරිපාලන සේවාවක් සැපයීම තම අරමුණ බව වත්මන් ජනාධිපතිවරයා පවසා තිබේ. එවැනි සේවාවන් මහජනයාට ලබා ගත හැකි වන පරිදි විවිධ බුද්ධි අංශ සිවිල් ඇඳුමින් සැරසී සිටින බව නව රජය පවසා ඇත. එසේ නම්, රහස් පරීක්ෂකයින් මන්මුනායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එහි ඇති නිරීක්ෂණ කැමරා පරීක්ෂාකර බලා වාසුදේවන් රාජකාරියේ යෙදී සිටි මිතුරෙකු සමඟ කතාබස් කරමින් සිටි බව තහවුරු කරයිද?
තම බලය අයුතු ලෙස පරිහරණය කරමින් ජනතාවට අගතියක් සිදු කර රජයට අපකීර්තියක් ගෙන දෙන රාජ්‍ය සේවකයෙකු වන වාසුදේවන්ට එරෙහිව සුදුසුකම් ලත් රජ්‍ය නිලධාරීන් කඩිනම් පියවර ගනු ඇතැයි ඉලංකෙයි නෙට් වෙබ් අඩවිය බලාපොරොත්තු වන අතර. බලය අයුතු ලෙස භාවිතා කිරීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් වාසුදේවන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ.
වාසුදේවන් නිරන්තරයෙන් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් මහජන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීසිටී. ඔහු කල්මුනායිහි ප්‍රාදේශීය ලේකම් ධුරය හොබවන සමයේ ප්‍රදේශවාසීන් වාසුදේවන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව ඔහුගේ අනුරුවක් (ඩම් යක්) පුළුස්සා දමමින් විරෝධතාවයක් දැක්වීය.එයින් නොනැවතුණු ප්‍රදේශවාසීන් ඔහුව එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් පවා පන්නා දැමීය.
මෙහි අමුණා ඇති ඡායාරූපය ගනු ලැබුවේ වාසුදේවන් ජපන් විශ්ව විද්‍යාලයක කළමනාකරණ අධ්‍යාපනය හදාරමින් සිටියදීය. වාසුදේවන් මෙම අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ නියුතු අයට රජය ලබා දුන් ශිෂ්‍යත්වයක් මගිනි. වඩා හොඳ රාජ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සඳහා රජය විවිධ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වෙත විශාල මහජන මුදල් යොදවා මෙවැනි ශිෂ්‍යත්ව ලබාදුනි . එහෙත් ශිෂ්‍යත්ව තුළින් හොඳම රටවල රාජ්‍ය පරිපාලන සේවය පිළිබඳව දැනුවත් වූ මෙවැනි නිලධාරීන් රාජ්‍ය පරිපාලන සේවයට අපකීර්තියක් ගෙන දෙන මඩකලපුව මන්මුනායි-උතුරු ප්‍රාදේශීය ලේකම් වාසුදේවන් හොඳම උදාහරණයයි
Comments are closed.