අවසන් මොහොතේ බැසිල්ගේ අනාවැකිය
මහ මැතිවරණයෙන් 130ත් 135ත් අතර ආසන ප්‍රමාණයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ඒ අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
තක්සේරුව එම ප්‍රමාණය වුවත් ආසන 150ක් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
මේ අතර මඩකලපුව,වන්නිය සහ යාපනය දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කරනු ඇති අතර අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක දෙක තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානයට තරඟයක් තිබෙන බව රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.
කෙසේවෙතත් සමස්ත රටේම ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ජන්ද වලින් අඩක් දෙවෙනියාට ලබා ගත නොහැක බවයි ඔහු අවධාරණය කළේ.
එමෙන්ම අනෙක් පසින් ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවාට තමන් කැමති බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.
Comments are closed.