ඩයස්පෝරාවේ සිට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පණිවිඩයක් …

නව යුගයක උදාව කෙරෙහි මහත් බලාපොරොත්තුවෙන් පසුවන විදෙස් ගත ශ්‍රී ලාංකික පුත්‍රයෙකු ගෙන්
ශ්‍රී ලාංකිකයන්ට විවෘත ලිපියක් ………..

මානසික බෙදීම් සහිතව, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් සියළු දෙනාට මාගේ ආදරණිය ආචාරය
පුදකර කරමි.

අතීතයේදී ඉන්දීය සාගරයේ මුතු ඇටය යනුවෙන්ද පෙරදිග ධාන්‍යාගාරය වශයෙන්ද හඳුවනු ලැබූ ශ්‍රී ලංකාව
අද ඉන්දීය සාගරයේ දරිද්‍රතාවය, දකුණු ආසියාවේ ඛේදවාචකය ලෙස අදහස් කිරීමට හේතුව කුමක්දැයි
කිසියම්ම අවස්ථාවක හෝ සිතාබලා තිබෙනවාද? සිතා බලමු.


ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 72 ක් ගතවී ඇති නමුත් අප බිඳක් හෝ දියුණු නොවී ආපස්සට යමින් සිටින්නෙමු. ඒ
පිළිබඳව අප කිසිවෙකු කණගාටු වෙන්නෙමුද? ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක මෙවන් පසූබෑමකට වගකිව
යුත්තේ අපමය. එසේ නම් අප වරද්දාගෙන ඇත්තේ කොතනකද? සෑම මැතිවරණයකදීම වැරදි තේරීම අපගේ
තේරීම නොවේද. වෙනත් කුමක් විය හැකිද? එම වරද මෙම 2020 මැතිවරණයේදීත් සිදුකරන්නෙමුද? එය
තීරණය කිරීමේ අවස්ථාව මෙයයි.

අතීතය අධ්‍යනය කරන්න. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් තනතුරු
වල සිටියේ දෙමළ ජාතිකයින්ය. එයට හේතුව බ්‍රිතාන්‍ය පාලනය තිබූ කාලයේ බොහෝ දෙමළ ජාතිකයින්
හොඳින් අධ්‍යාපනය ලැබීමය. බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙන එන ලද ආගම් වෙනසට බෞද්ධ භික්ෂූන් විරුද්ධවීම
හේතුවෙන් එයට අවනතව බහුතර සිංහල ජනතාව ඉංග්‍රීසි භාෂාව ඉගෙන නොගැනීම මෙයට හේතුවිය. මේ
හැර සුළු ජාතිකයින් සතුව පරිපාලනය තිබීම තම යටත් විජිත අධිරාජ්‍යවාදයට සුදුසු යැයි බ්‍රිතාන්‍යයන්
සිතීමත් දෙමළ ජාතිකයින් උසස් තනතුරු ලැබීමට හේතුවක් විය. එබැවින් රාජ්‍ය නායකයින් ලෙස සිංහල
ජාතිකයින් සිටියත් රාජ්‍ය පරිපාලනයේ උසස් තනතුරු වල දෙමළ ජාතිකයින් සිටින ලදි. මෙය සිංහල ජනතාවට
කරදරක් විය.

මෙවැනි පසුබිමක තමන්ට අගමැති ධූරය නොලැබූණේය අතෘප්තියෙන් S.W.R.D බණ්ඩාරනායක මහතා එක්සත්
ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කලේය. ශක්තිමත්ව තිබූ එක්සත් ජාතික පක්ෂය
දුර්වල කිරීමට බණ්ඩාරනායක මහතා සිංහල-බෞද්ධ ජාතිවාදය සියතට ගත්තේය. තමා බලයට පැමිණ පැය
24 ක් තුල සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බව ප්‍රකාශ කලේය. මින් ඉදිරියට සිංහල ඉගෙන ගත්තේ
නැත්නම් රජයේ රැකියාවක් ලැබෙන්නේ නැතැයි සිතූ දෙමළ කතා කරන ජනතාව ප්‍රකෝප විය. නමුත් සිංහල
ජනතාව සතුටුවිය. කෙතරම් ආත්මාර්ථකාමීව කටයුතු කර තිබුණද උගතෙකු වූ බණ්ඩාරනායකගේ හෘද සාක්ෂිය
අවධිවීම හේතුවෙන් එවකට සිටි දෙමළ නායකයෙකු වූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදි.


මෙයට ජෙ.ආර් ජයවර්ධන ඇතුළු සිංහල ජනතාව සහ භික්ෂූන් විරෝධය දක්වා කැළණියේ පාද යාත්‍රාවක් ආරම්භ
කිරීමත් සමග එම ගිවිසුම ඉරාදමන ලදි. එදා සිට අද දක්වා බලයේ සිටින සිංහල නායකයින් ගෙන එන විසඳුමට
විපක්ෂයේ සිටින සිංහල පාර්ශවය මාරුවෙන් මාරුවට විරෝධය දැක්වීම හුදෙක් පක්ෂ දේශපාලනය සඳහාමය.


අතීතයේදී දෙමළ දේශපාලඥයින් තමිලරසු පක්ෂය – කොංග්‍රස් පක්ෂය ලෙස වෙන්ව තරඟකාරී දේශපාලනයක
නිරත විය. පසුව ඔවුන් එක්වූ අවස්ථාවේ අති විශාල ද්‍රෝහිකමක් දෙමළ ජාතියට පමණක් නොව සමස්ත ශ්‍රී
ලංකාවටම සිදුකලහ. එය නම් තරුණයින්ගේ කලකිරීම ප්‍රයෝජනයට ගෙන, ජාතික පක්ෂ ඇතුලත්වීම
වැලැක්වීමට දේශපාලන විරුධවාදීන්ව විනාශ කිරීමට කටයුතු කරන ලදි. 30 වසරක් පුරා පැවති යුද්ධයත් එහි
ප්‍රතිවිපාකත් අප සියළු දෙන්නා දන්නා කරුණකි.


වරද සිදුවූයේ කොතනද යන්න දැන් සොයා බැලිය යුතුය. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් කෝටා
ක්‍රමය ගෙන ඒම හේතුවෙන් උතුරේ තරුණයින්ට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා නොමැතිව කලකිරීමෙන් අවි
අතට ගත්හ. නමුත් මෙම ක්‍රමය හේතුවෙන් දුෂ්කර ප්‍රදේශ වල සිටි සිසුන්ටත් විශ්ව විද්‍යාලයට යාමට හැකි
විය. එයට ඉහතදී විශ්ව විද්‍යාල වලට යාමට හැකි වූවේ නාගරික ධනවත් පුද්ගලයින්ට පමණි. මෙම වෙනස
පැමිණි පසු ග්‍රාමීය දිළිඳු සිසුන්ටත් විශ්ව විද්‍යාලයට යාමට හැකිවිය. මෙම ක්‍රමය පවා දෙමළ ජනතාව
වැරදියට භාවිතා කරන ලදි. උදාහරණයක් ලෙස යාපනයේ සිට වඩා හොඳ අධ්‍යාපනයක් ලද සිසුන් වන්නියවැනි ප්‍රදේශ වලට ගොස් පහසුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගන්නා ලදි. මෙය සිංහල ප්‍රදේශවලත් සිදුවිය.


අධ්‍යාපනය ලබා තිබුණද රැකියා අවස්ථා නොමැත යන කලකිරීමෙන් දකුණේ සිංහල තරුණයින් රෝහණ
විජේවීරගේ නායකත්වයෙන් අවි අතට ගන්නා ලදි. ඔවුන්ගේ සන්නද්ධ අරගලය සාර්ථක වූයේ නැත. හේතුව
ඔවුන්ට තම අරගලය පිළිබඳව පැහැදිලිකමක් නොතිබීමය. පාලකයින් අත් අඩංගුවට ගෙන, ශ්‍රී ලංකාවේ තිබූ
එකම මාධ්‍ය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයත්, පොලිස් ස්ථානත් අත්පත් කරගෙන බලය ලබාගැනීම ඔවුන්ගේ
අරමුණ විය. නමුත් එය සාර්ථක වූයේ නැත.


නිදහස ලැබූ දින සිට දෙපාර්ශවයේ දේශපාලඥයින් තම වාසිය වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී ගින්නෙන් මෙම
රට ගිනි තබා අමු සොහොනක් කලේය යන්න සත්‍යයි. නමුත් මෙම ගින්න නොනිවී දැල්වීමට හේතුව කුමක්ද?
මෙම ජාතිවාදයත් ආගම්වාදයත් දිළිඳු රට වල මතුවන ආකාරයට සංවර්ධිත රටවල මතුවෙන්නේ වෙන්නේ නැත.
උදාහරණයක් ලෙස ස්විට්සර්ලන්තයේ ප්‍රංශ, ඉතාලි, ජර්මන් සහ රේට්ටෝ රෙමානිස් ලෙස භාෂා 4ක් කතා
කරන ජන වර්ග ජීවත් වේ. ඔවුන් සමගියෙන් සමෘද්ධිමත්ව ජීවත්වේ.


අපට පසුව නිදහස ලද අපට වඩා කුඩා රටක් වන සිංගප්පූරුවේ සංස්කෘතික වශයෙන් සහ භාෂාමය වශයෙන් වෙනස් මලායි සහ ඉන්දීය ජාතිකයින් සිටියි. ඉන්දීය ජාතිකයින් අතුරින් වැඩි දෙනෙකු දෙමළ ජාතිකයින්ය. මැලේසියාවෙත් එලෙසමය. නමුත් එම
රටවල් ගොඩනැගීමට Dr. Mahadhir Mohamad මෙන් Lee kuan yew මෙන් නායකයින් සිටියත්, ගතවූ වසර
72 ක් පුරා අපට එවැනි නායකයින් නොලැබීම අපගේ අභාග්‍යයකි.

ඉහත උදාහරණ 3න් තේරුම් ගත හැක්කේ එක් කරුණකි. එනම් රටක සියළු පුරවැසියන්ට බෙදීයන තරමට
ආර්ථික සම්පත් තිබුණහොත් ජනතාව අතර ඇති වෙනස්කම් ගැටළුවක් නොවන බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සම්පත් වර්ධනය කරන්නේ කෙලෙසද?


මැලේසියාව, සිංගප්පූරුව මෙන් අපට දියුණුවිය හැකිද? නිසැකවම හැකිය. ජලය හෝ ගොවිතැන කිරීමට
ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් වත් නොමැති සිංගප්පූරුවට ලොව බලවත් රටක් ලෙස නැගීසිටින්නට හැකි වූවා
නම් බොහෝ සම්පත් ඇති අප රට නොදියුණුවීමට හේතුව කුමක්දැයි සිතා බැලිය යුතුය. සිංගප්පූරුවත් ශ්‍රී
ලංකාව වැනි රටක් බවට පත්කරන බව ලී ක්වාන්යූ වරක් ප්‍රකාශ කර ඇත. නමුත් අද සිංගප්පූරුව ලෙසට ශ්‍රී
ලංකාව සංවර්ධනය කල යුතු බව හුදෙක් වාචිකව ප්‍රකාශ වේ. නමුත් ප්‍රායෝගිකව කිසිවක් සිදුනොවේ.


මෘදුකාංග නිෂ්පාදනය අද වන විට වැඩිම ආදයමක් ලැබෙන ක්ෂේත්‍රයකි. නමුත් ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයට
ප්‍රමාණවත් ලෙස ප්‍රවේශ වී නැත. මා ශ්‍රී ලංකාවේ සිටි කාලයේ අ.පො.ස (උ:පෙළ) විභාගයේදී ගණිතය
සහ භෞතික විද්‍යාව විෂයන් වලට වැඩිම ලකුණු ලබාගන්නේ යාපනය සහ මාතර දිස්ත්‍රිකයේ සිසුන්ය. එය
මෙම ක්ෂේත්‍රයට ඉතා අත්‍යවශ්‍ය දෙයකි. නමුත් ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය ලබාදිය යුතුය.
එසේ වුවහොත් යාපනය සහ මාතර දිස්ත්‍රික්ක, තොරතුරු තාක්ෂණය හේතුවෙන්ම දියුණු වී ඇති ඉන්දියාවේ
බැංගලූර්, හයිද්‍රාබාත් වලට සමානව දියුණු කල හැකිය. මෙම ක්ෂේත්‍රය පුළුල් කිරීමට ඉන්දියාව අපට
උපකාරී විය හැක.

එලෙසම උතුරේ වල්ලිපුරම් – අම්පන් ප්‍රදේශයෙත් බස්නාහිර පළාතේ ඒකල ප්‍රදේශයෙත් උසස් තත්වයේ
සිලිකා ඇත. චීනයේ සහයෝගයෙන් අපට මෙම ස්ථාන දෙකෙහි semiconductor කර්මාන්තය ආරම්භ කල හැකිය.
මන්නාරමේ ඇති දුර්ලභ ඇල්ගී විශේෂ ඇතුළු සමුද්‍ර ශාක වලින් බොහෝ මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන කළ
හැකිය. එලෙසම අප සැලකිල්ලක් දක්වන්නේම නැති කෝමාරිකා , රූපලාවන්‍ය භාණ්ඩ, බීම වර්ග වැනි බොහෝ
නිෂ්පාදන සඳහා භාවිතා කරයි.

මේ සියල්ලටම වඩා ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත හා නිමි ඇඳුම් සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පවතී.
සංචාරක කර්මාන්තය තවදුරටත් නවීකරණය කළ හැකිය. මෙලෙස කල හැකි දේවල් දීර්ඝ වශයෙන් පෙන්වාදිය
හැකිය.

අපට හැකිය යන විශ්වාෂය අපට ඇති විය යුතුය. දේශපාලනයේදී විදෙස් මැදිහත්වීම් අපට අවශ්‍ය නැත. අවශ්‍ය
නම් ඔවුන්ට අප රටෙහි ආයෝජන කල හැකිය. නමුත් ඒවා සියල්ලම පෞද්ගලික ආයෝජන විය යුතුය. ප්‍රධාන
වශයෙන් විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment) ශ්‍රී ලංකාව විසින් ආකර්ෂණය කර ගැනීම
වැදගත් ය. එයට දේශපාලන මැදිහත්වීම් වලින් සහ දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය
පරිපාලනයක් අවශ්‍යය. එයට නීතිය බලාත්මක කිරීම, නීති පරිපාලනය සහ අධිකරණය යන
ප්‍රජාතන්ත්‍රවාදයේ බලකනු සහ මාධ්‍යයන් සම්පූර්ණයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන අන්දමින්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යය.

දශක ගණනාවකට පෙර ඊජිප්තුව බ්‍රිතාන්‍යයට වඩා ආර්ථික වශයෙන් ඉදිරියෙන් සිටින ලදි. නමුත් අද
ප්‍රජාතන්ත්‍රවාදයේ බලකනු 4 ම බ්‍රිතාන්‍යය ශක්තිමත් කර යහපත් වාතාවරණයක් ඇති කල හේතුවෙන් එය
ඊජිප්තුවට වඩා කිහිප ගුණයකින් දියුණුවී ඇත. සංවර්ධනය වූ සියළු රටවල පොදු තත්වය මෙයයි. සත්‍යය
එයයි.

http://farm8.staticflickr.com/7189/6818724910_54c206caf8.jpg

එබැවින් පසුගිය කාලයේ සිදුවූ සියළු විනාශයන්ට හේතුව නිදහසින් පසු රට පාලනය කල සියළු ජන වර්ග වල
දේශපාලඥයින්ය. සමහරෙකුට පමණක් චෝදනා කල නොහැකිය. සමහරෙකුට පමණක් වගකීමටද නොහැකිය.
බලයේ සිටින පුද්ගලයින්ට දේශීයව පමණක් නොව විදෙස් රටවල් වලින්ද බලපෑම් කරන හේතුවෙන් පුරවැසියන්
වන අප සමගියෙන් සිටිය යුතුය. නැතහොත් අප වැනි කුඩා රටවල්, බලවත් රටවලට පෑගෙන භූමියක් බවට
පත්වනු ඇත. අප ජාති, ආගම් බේද පසෙකලා සමගියෙන් නොසිටියහොත් තම භූදේශපාලනික අවශ්‍යතා සඳහා
අපව බෙදා ඒ තුලට තම නියෝජිතයින් ඇතුල් කර අඛණ්ඩව අපගේ පාලකයින්ට බලපෑම් කරන අතරම අපගේ
නිදහස සහ සංවර්ධනය යනාදිය විනාශ කිරීමට අප තවදුරටත් ඉඩ නොදිය යුතුය.
අතීත වැරදි අමතක කර සමාව දී අනාගතය පිළිබඳව පමණක් සිතමු. නව ශ්‍රී ලංකාවේ යහපත සඳහා තරුණ
නායකයින්ව තෝරා පත්කරමු. මෙතෙක් කාලයක් කල තෝරාගැනීම් වලින් අපට ලැබුණු දෙයක් නැත. අපට
සිදුවූවේ කුංචය ගැලවූ වඳුරන්ට උනු දෙය පමණි. මින් ඉදිරියට හෝ සංවර්ධනය, සමාජ විද්‍යාව වැනි ක්ෂේත්‍ර
වල දක්ෂතා දැක්වූවන් තෝරාපත් කර සියළු දෙනා සිහින දකින දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත්කරමු. එම
වෙනස සඳහා වන ශක්තිය ඇත්තේ ඔබටය. අගොස්තු 5 වන දින පෙරවරු 7.00 ට එම නව විමුක්තිය කරා ගමන්
කරමු.

විශ්වාෂයෙන් යුතුව මා මින් මෙතෙකින් නවතින්නම්. මම ඔබලාගේ පුතා, සහෝදරයා, මිත්‍රයා
සුබන් තාමු

Comments are closed.