එන්නත් මිලියන 15ක් වහාම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වසර අවසාන වීමට පෙර සමස්ත ජනගහනයෙන් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා අවශ්‍යකරන එන්නත් මාත්‍රා මිලියන 15ක් චීනයේ සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් මෙලෙස මිලදී ගැනීමට තීරණය කෙරුණා.
ඒ සඳහා ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමි වුණා.