අතුරුගිරිය – කැළණි පාලම, කණුමත දිවෙන අධිවේගී මඟත් චීනයට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර හුවමරුව සහ නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණුමතින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත භාරදීමට තීරණය වී තිබෙනවා.
මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන්නේ ඉදිකොට පවත්වාගෙන ගොස් භාරදීමේ හෙවත් BOT පදනම යටතේයි.
මෙම මාර්ග එම පදනම යත්තේ ඉදිකිරිම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව සිදුකළ ලංසු කැඳවීම් තාක්ෂණික කමිටු අනුමැතියෙන් පසුවයි මෙම සංවර්ධන කටයුත්ත අදාල චීන සමාගමට පැවරීමට තීරණය කර ඇත්තේ.