යාස් චණ්ඩ මාරුතය ඉන්දියාවට කඩා වදී

ප්රබල චන්ඩ මාරුතයක් බවට පත්වූ යාස් සුළි කුණාටුව ඉන්දියාවේ ඔඩීෂා ප්රාන්තයෙන් ගොඩබිමට ඇතුළු වීම මේ වනවිට ආරම්භ වී ඇතැයි ඉන්දීය කාලගුණ අංශ ප්රකාශ කළා.
පැයට කිලෝමීටර් 150 දක්වා වේගයක් සහිත සුළං රැලි සමග එය ඉදිරි පැය දෙක තුල එය ඔඩීෂාවේ ගොඩබිම් ප්රදේශ සිසාරා බටහිර බෙංගාලය දෙසට ඇදෙනු ඇති.
මේ වනවිට එහි දැඩි වර්ෂාපතනයක් සහ ජල ගැලීම් වාර්තා වන අතර, මුහුදුරළ ගොඩට ගැලීමේ සිද්ධීන් ද වාර්තා වුණා.