වාලච්චේනය හුදකලා කෙරේ!
වාලච්චේනය පොලිස් බලප්‍රදේශය වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා කලාපයක් ලෙස නම් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මේ හැර කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.