මෙරටට පැමිණෙන සංචාරකයින්ට පනවා තිබු තාවකාලික තහනම ජුනි 01 සිට ඉවතට
ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පනවා තිබු තාවකාලික තහනම ජුනි 01 සිට ඉවත් කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් ඉන්දීය සංචාරකයින්ට සහ පළවැනිදා සිට සති දෙකක් පසුපසට කාලය තුල ඉන්දියාවේ සංචාරය කල වෙනත් රට වල සංචාරකයින්ටත් මෙම ලිහිල් කිරීම අදාල නොවන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම එක ගුවන් ගමනක් සඳහා උපරිම මගීන් 75 ක් නොඉක්මවන සේ සීමවක්ද පනවා තිබෙනවා.