අයි.පී.එල්. දෙවන කොටස සැප්තැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

කොරෝනා වසංගතය හේතුවෙන් කල් තබන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි කොටස ලබන සැප්තැම්බර් 18 වනදා හෝ 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

තරගාවලිය මෙරටදී පැවැත්විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් ඉන්දියාවට දැනුම්දීමක් සිදුකර තිබුණා.

කෙසේ නමුත්, සුපුරුදු පරිදි ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරින් තීරණය කර ඇත්තේ.

සති 3 ක කාලයක් තුල තරගාවලියේ ඉතිරි කොටස සමාප්ත කිරීම අයි.පී.එල්. සංවිධායකයන්ගේ අරමුණයි.