දින 6 කදී නිවෙස් තුල සිදුවූ කොරෝනා මරණ 54 ක්

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1,269 ක්.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ මරණ 28 ක්ද ඒ අතර වනවා.

දිනෙන් දින වාර්තා වන කොරෝනා මරණ අතරින් නිවෙස් තුළදී සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය 20 වැනිදා සිට මේ දක්වා  වාර්තා වූ කොරෝනා මරණ 221 න් 54 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස් තුළයි.

ඉන් 22 දෙදෙනෙකුම ඊයේ සහ අද තහවුරු කළ මරණ අතරට අයත්වීම විශේෂත්වයක්.