නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 150 ක් අතුරුදන්
වයඹ දිග නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 150 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති අතර, ඔවුන් සියලු දෙනාම මියයන්නට ඇතැයි සැලකෙනවා.
නයිජර් ගංඟාවේ ගමන්ගත් මගී යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වූ අතර, එහි පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් ගමන්ගෙන ඇති බව සඳහන්.
වෙළඳපොල වෙත ජනයා රැගෙන ගිය මෙම නෞකාව අයහපත් කාලගුණය මධ්‍යයේ අනතුරට ලක් වී ඇති අතර, පුද්ගලයින් විසි දෙනෙකු පමණ දිවි ගලවා ගැනීමට සමත් වුණා.
නයිජීරියාවේ ජල මාර්ගවල මෙවැනි අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, යාත්‍රා නිසිලෙස නඩත්තු නොකිරීම සහ ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවීම මෙවැනි අනතුරුවලට හේතු ලෙස සැලකෙනවා.