යාස් සුළි කුණාටුව ඔඩීෂාව සහ බෙංගාලය වනසයි

යාස් චණ්ඩ මාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ඉමහත් විනාශයක් සිදුකරමින් ඊයේ හමාගියේ පැයට කිලෝමීටර් 155 ක උපරිම වේගයක් සමඟින්.

කෙසේ නමුත්, එය මේ වනවිට දුර්වල වෙමින් පවතින බව සඳහන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ සුළි සුළඟින් ජීවිත හානි 04 ක් වාර්තා වන අතර, නිවාස දහස් ගණනකට හානි සිදුව ඇති බවයි.

අද අලුයම් කාලය වනතුරුම සුළි සුලඟේ බලපෑම පැවති අතර, ඔඩීෂා සහ බෙංගාල ප්‍රාන්තවල ජල ගැලීම් තත්ත්වයක්ද දක්නට ලැබුණා.

ඉන්දීය ආරක්ෂක හමුදා විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට පියවර ගත් අතර, සුළි සුලඟට පෙරම විසි ලක්ෂයකට අධික ජනයා තාවකාලික නිවහන් වෙත ඉවත් කර ගැනුණා.