වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනවා.