මොරටුවේ එන්නත්කරණ වැඩසටහන අතරතුර නොසන්සුන්තාවක්
මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් හට ගත්තා.
ඒ, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි.
කෙසේ වෙතත් අප විමසීමකදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ජනතාව පැමිණෙන අනුපිලිවෙල අනුව එන්නත් ලබාදෙන බවයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 341,541 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 521,470 දෙනෙකුට ලබාදී අවසන්.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984ක්.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30ක් සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට ලබාදී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයකම එන්නත්කරණ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මීට අමතරව මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද මධ්‍යස්ථාන දෙකකදී එන්නත්කරණ කටයුතු යුද හමුදාවේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ සේවකයින් ඇතුළු 1610 දෙනෙකුට එන්නත් ලබාදුන් අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.