කොරෝනා මරණවලට නව චක්‍රලේඛයක්

පුද්ගල මරණයක් කොරෝනා ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.

නව චක්‍රලේඛයට අනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව කිසියම් අයෙකු කොරෝනා රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවල ඇතුළත්.

එසේම මරණයට ප්‍රධානතම හේතුව කොරෝනා බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් ලෙස තහවුරු කළ යුතු වනවා.