සබීතාගේ සැමියා උපාලි ජයසිංහට බරපතලයි
ශරීර සුවතාව වෙනුවෙන් කොළඹ මාර්ගයක ඇවිද යමින් සිටියදී හිටි හැටියේ බිම ඇදවැටී අනතුරට පත් ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව වාර්තා වේ.
කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා මේ අනතුරට මුහුණ දී තිබුණේ පෙරේදා (25) සවස 5ට පමණය.
ඔහු ඇවිද යන අතරේ පාරේ මදක් නවතින අතර ඒ අතර තුර ඔහුව එකවර පසුපසට ඇද වැටෙන අයුරු සීසී ටීවී කැමරාවක සටහන්ව තිබිණි.
මෙසේ බිම ඇදවැටුණු උපාලි මහතා එසේ එම ස්ථානයේ විනාඩි 10ක් පමණ සිට ඇති අතර ඒ අසලින් ගිය වෛද්‍යවරයකු මෙය දැක ඔහුව සිය මොටර් රථයට ගොඩකරගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබිණි.
ඒ මොහොතවන විට ද ඔහු සිහිසුන් තත්ත්වයේ සිට ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ වහාම ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබිණි.
පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඒ මහතාව වහාම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
කෙසේවුවද, ඊයේ දිනයේදී ඒ මහතාට පීසීආර් පරීක්ෂණයක් අදාළ පෞද්ගලික රෝහල විසින් සිදු කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.