රිදීමාලියද්ද – ඇකිරියන්කුඹුර ජනතාව වන අලි ගැටළුවක
ගම්වැසියන් පවසන්නේ විධිමත් අලි වැටක් නොමැති වීම හේතුවෙන් නිල්ගල – පුවක්පැල වන රක්ෂිතයේ සිට වන අලි ගම්මානයට පිවිසෙන බවයි.
එලෙස පැමිණෙන වන අලි හේතුවෙන් ප්‍රදේශයේ වට්ටක්කා, මෑ, කව්පි, කුරක්කන්, කෙසෙල් සහ මඤ්ඤොක්කා ඇතුලු සියලු වගාවන් විනාශයට පත්ව ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.
එම වගාවන් මෙන්ම තම ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ස්ථීර විධිමත් අලි වැටක් සකස් කර දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.