රු.5000 දිමනාව යළිත්

එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

නිසි වෘත්තියක් නොමැතිව දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

කෝවිඩ් 19 වෛරසය පැතිරයෑමේ නව තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරන සීමා හේතුවෙන් ආදායම් අහිමි වී සිටින ජනතාවට රුපියල් 5000 දීමනාව මෙසේ ලබාදීමට නියමිතය.
මෙවර මෙම දීමනාව කොපමණ පිරිසකට ලබාදෙන්නේ දැයි තවමත් තීන්දු කර නොමැති අතර පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී ද මේ පිළිබදව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
දීමනාව ලබාදෙන්නේ නම් සංචරන සීමා පවතින එළඹෙන සතිය තුළ දී එය ලබා දිය යුතු බව ද සාකච්ඡා කර ඇත.
මින් පෙර අවස්ථා තුනකදී රුපියල් 5000 දීමනාව රංය විසින් ලබා දී ඇති අතර, එහි පළමු අවස්ථාවේදී ලක්ෂ 70ක පමණ ජනතාවකටත්, දෙවන අවස්ථාවේ දී ලක්ෂ 52ක පමණ ජනතාවටත් තෙවනවර දී සමෘද්ධිලාභීන්ට ලබාදෙන දීමනාවක් ලෙස ද මෙම දීමනාව ලබාදී තිබේ.