සංචරණ සීමා ජුනි 07 තෙක් දික්කරයි

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 07 වැනිදා තෙක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.

කොරෝනා මර්ධන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව සංචරණ සීමා මෙම 31 සහ ජුනි 04 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ පාර්ශව කියා සිටී.