29, 30, 31 ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

සිල්ලර වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ මස 29, 30 සහ 31 යන දිනවල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එසේම ඩිලිවරි සේවා පවත්වගෙන යාම සඳහා ලබාදී තිබු බලපත්‍රවල වලංගු කාලය ජූනි 7 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.