ජූනි 2 වනදා සිට පන්දහසේ දීමනාව ලබාදීම ඇරඹේ
කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම අහිමිවූ පුද්ගලයන් හට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ලබන ජූනි මස 2 වනදා සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
එමෙන්ම කිසියම් දීමනාවක් ලැබීමට සුදුසු එහෙත් දැනට එම දීමනාව නොලැබෙන අයටද අදාළ පන්දහසේ දීමනාව ලබාදීම සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
මීට අමතරව දැනට රජයේ දීමනාවක් ලබන එහෙත් එම දීමනාව රුපියල් පන්දහසට අඩුනම් ඉතිරි මුදලද පියවීම මේ හරහා සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියා.