ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිරයේ වෙසක් සැමරුමක්
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ තේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙනි.
තේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාව ට සහභාගි වුයේ , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක , මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ය.
වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ පහන් දැල්වීම සිදුකළ හ.
මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා විසින් , ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ප්‍රකාශයට පත්කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ, ප්‍රධාන බෞද්ධ උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාව ට සිහිපත් කර සිටියේය.
මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම සිදුකරන කාර්යභාරය ද ඩග්ලස් එම්හෝෆ් මහතා අගය කර සිටියේය.
ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවයට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබුණි.
උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේ, ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.