ධීවර, නාවික හා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 55ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළාසන්න ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 2.5ත්, 3ත් දක්වා ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.