කොවිඩ් නිසා සියයට 48ක් දුම්වැටිය අතහරී
කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
එහි මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් කියා සිටියේ දුම්පානය කරන්නන්ට කොවිඩ් වැලදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින අතර එමඟින් එවැනි පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බවයි.
දුම්පානය හේතුවෙන් දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 40 දෙනෙකු මියයන බවත් ඔහු පෙන්වා දුන්නා.