ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ – දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්

වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන අද අලුයම විවෘත කෙරුණු අතර, ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් මෙන්ම වෙළදුන් පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණා.

දඹුල්ල වාර්තාකරු සදහන් කළේ මහනුවර –  යාපනය – ඒ – 9 මාර්ග දෙපස කිලෝමීටර් ගණනාවක් එළවළු සහ පළතුරු රැගෙන පැමිණි ලොරි රථ නවතා තිබූ බවයි.

එම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සහ පළතුරු කිලෝ ලක්ෂ 100ක් පමණ අද දිනයේ ලැබී ඇති අතර කැරට්, බෝංචි වැනි එළවළු වර්ගවල තොග මිල රුපියල් 200ක් ලෙස සටහන් වී තිබුණා.

පහතරට එළවළු වර්ග රැසක කිලෝවක තොග මිල දැක්වුණේ රුපියල් 150ක් ලෙසටයි.