සමස්ත ලංකා හෙද සංගමය වර්ජනයකට සැරසේ
හෙද කාර්ය මණ්ඩලය සඳහා එන්නත ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට සිට දිවයින පුරා දීපව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කළේ හෙට පෙරවරු 7 සිට අනිද්දා පෙරවරු 7 දක්වා මෙම වර්ජනය දියත් කරන බවයි.
මේ අතර සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ සඳහන් කළේ හෙට දිනයට පෙර ඉල්ලිම්වලට විසඳුම් නොලැබුණහොත් දැනුම්දීමකින් තොරව තම සංගමයද වර්ජනයක් දියත් කරන බවයි.
කොරෝනා රාජකාරි ඉටුකිරීමේදී අවදානම් දීමනාවක් ලබාදීම ඇතුලු තවත් ඉල්ලීම් 13 ක් ඊට ඇතුළත් බව ඔහු සඳහන් කළා.