මෙරට පැමිණි ඉන්දීය ධීවර යාත්රා 4ක් යළි හරවා යවයි
අනවසරෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්රා 4ක් යළි ආපසු හරවා යවා තිබෙනවා.
එම ධීවර යාත්රාවල ධීවරයින් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, ඒ අනුවයි ඊයේ දිනයේදී යළිත් ඔවුන් ඉන්දියාව වෙත හරවා යවා ඇත්තේ.
ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයත් සමඟ නාවික හමුදාව විසින් පැය 24 පුරා ක්රියාත්මක වන පරිදි මෙරට මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.