තවත් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ස්ථාපිත කළ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර ඊයේ එය රෝහල් කාර්ය මණ්ඩලය වෙත පවරා දීම සිදුකෙරුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇදන් 25ක් සහ අනෙකුත් පහසුකම්වලින් සමන්විතවයි මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ.