ආසාදිතයින් 2,186ක්
අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 149,825ක් විය.