මි මැස්සෝ එක්ක හිටපු ඇන්ජලීනා
ප්රකට ජියේග්රැෆි සඟරාව විසින් ලෝක මි මැසි දිනය තේමා කරගෙන ඔවුන්ගේ සඟරාවේ මුල් කවරය මිට දින කිහිපයකට පෙර රූපගත කර තිබුණී. මෙවර එහි පෙනී සිටින්නේ සුපිරි හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලි බව වාර්තා වෙයි.
පැය කිහිපයක් තිස්සේ සිදු කළ මෙම ඡායාරූප ගත කිරිමේදී ඇන්ජලීනාට අමතක නොවන සිදුවිම් කිහිපයකටම මුහුණ දීමට සිදුවු බව වාර්තා වෙයි. එහි එක්තරා ඡායාරූපයක් වෙනුවෙන් ඇය මි මැස්සන් දහසකට අධික ප්රමණයක් සිය සිරුරේ දවටා ගෙන විනාඩි 18ක කාලයක් ගත කරන්නටද සිදුව තිබුණි.