ප්රියංකා ‘කොවිඩ්’ අරමුදලට කෝටි 22ක්
බොලිවුඩ් සිනමා නිළි ප්රියංකා චොප්රා හා ඇගේ සැමියා වූ පොප් ගායක නික් ජෝනාස් දෙදෙනා එක්ව ආරම්භ කළ ‘කොවිඩ්’ අරමුදල සඳහා මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 22ක මුදලක් එකතු වි ඇතැයි වාර්තා වේ.
ප්රියංකා පවසන්නේ මේ ලැබු මුදලට වඩා වැඩි මුදලක් ඉන්දීය ජනතාවට තමන් ලබා දීමට කටයුතු කරමින් සිටින බවය. ඇය මෙම ‘කොවිඩ්’ අරමුදල ආරම්භ කළ දිනයේදී පැවසුවේ ඇමෙරිකානු ඩොලර් කෝටියක මුදලක් ඉන්දීය ජනතාවගේ සෞඛය කටයුතු වෙනුවෙන් ලබාදීම තම ඉලක්කය බවය.