නගර 100ක් අලංකරණයට රු මිලියන 2000ක්

නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් මෙම වසරේ දී (2021) ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට වෙන් කර දීම සදහා නාගරික සංවර්ධන හා නිවාස විශයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ව්‍යාපෘතියේ දී එක් නගරයක් සදහා දළ වශයෙන් රුපියල් මිලියන 20ක් වෙන් කිරීමට ද යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය යටතේ මූලික වශයෙන් නගර මධ්‍යයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම,පපදික වේදිකා සකස් කිරීම හා අලුත්වැඩියා කිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම හා අලුත්වැඩියා කිරීම, රථ ගාල් ඇති කිරීම හා දැනට පවත්නා රථගාල් සංවර්ධනය කිරීම, අනවසර සහ අපිළිවෙල දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපනය, පොදු මහජන ගොඩනැගිලි තාප්ප ආදිය නවීකරණය කිරීම හා පින්තාරු කිරීම, කුණු කසල එකතු වන ස්ථාන සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදීම, විදී ලාමුපු ආදිය ලබාදීම, බස් නැවතුම්පළ තුළ විවේක ස්ථාන ආදිය ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තාවකාලික වෙළද කුටි ඉවත් කර ඒවාට සුදුසු වෙනත් ස්ථාන ලබාදීම, බැමි හා ආරක්ෂිත වැට ඉදිකිරීම වැනි දෑ සිදු කිරීමට ද යෝජිතය.

මෙම වැඩසටහන මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ දී එකවර ආරම්භ කර අවසන් කිරීමට ද අපේක්ෂිතය.

මෙම වැඩසටහන යටතේ හදුනාගන්නා ව්‍යාපෘති සදහා කඩිනමින් කොන්ත්‍රාත්කරුවන් මුළු රටම ආවරණය වන තෝරාගැනීමට ද නියමිතය.