මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි !

කොරෝනා වෛරස් ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුම දෙනාම මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව සඳහන්.
ඊයේ සවස් කාලයේ ආසාදිතයින් 201 දෙනෙකු වාර්තා වූ අතර රාත්‍රියේ දෙවතාවකදී 75 දෙනෙකු සහ 92 දෙනෙකු වශයෙන් ආසාදිතයින් වාර්තා විය.
ඒ අනුව, ඊයේ දිනය තුළ මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368ක් වෙද්දී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4050ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.