ඉතාලියට ඇතුළු විමේ තහනම තවත් කල් යයි

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ලංකාවට ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 3 න් එනම් එළඹෙන ජුනි 21 දක්වා දීර්ඝ කිරිමට ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කර තිබේ.

මෙම ගුවන් මගි තහනම අද (30) දිනයෙන් අවසන්වීමට තිබු නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලදේශය යන රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥ උපදෙස් මත මෙම ගුවන් මගි තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව  ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  මෙම ගුවන් මගි තහනම ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශය  යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසිභායන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වි දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.     

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!