දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් සඳහා හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබෙනවා.
ඒ, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සමාගම දිගින් දිගටම මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කරමින් තිබෙන බවට ලැබී තිබූ වාර්තා අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.