එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවති අතර, එහිදී ඔහුව එම මන්ත්‍රි ධුරයට පත් කිරීමට ඒකමතික අනුැමතිය හිමිවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සඳහන් කළේ.