කාබනික පොහොර ආනයනයටත් රජය සැරසෙයි
ඉදිරි මහ කන්නයේ හෙක්ටෙයාර පන් ලක්ෂයක් සඳහා අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව රජයට අයත් පොහොර සමාගම් මඟින් අදාළ පොහොර තොග ආනයනකර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා දීමටයි රජය තීරණය කර ඇත්තේ.
එමෙන්ම අනෙකුත් බෝග හෙක්ටෙයාර හය ලක්ෂයකට පමණ අවශ්‍ය කාබනික පොහොර ද අදාල බෝග වලට අනුකූලවන පරිදි මෙරටට ආනයනය කිරීමට බලපත්‍ර හිමි සමාගම් වෙත ලබාදීමටත් කැබිනට් මණ්ඩල අනුමතිය ලැබී තිබෙනවා.