පොලිසියට නව නිවහනක්
දැනට වසර 100 කට වඩා පැරණි කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිලි තුනක පවත්වාගෙන යනු ලබන පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොට ප්‍රදේශයට රැගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව බෙල්ලන්තොට හංදිය ආසන්නයේ පිහිටි අක්කර 14ක භූමි භාගයක නව පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉහළ වානිජ්‍ය වටිනාකමකින් හෙබි කොළඹ කොටුවේ දැනට පවතින පොලිස් මූලස්ථාන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මෙතෙක් පැහැදිලි වී නැහැ.