දින 10 ඉක්මවූ, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස් වෙත – යළි කොරෝනා පරීක්ෂණ අනවශ්‍ය බවටත් දැනුම්දීමක්
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ (31) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 2 912 ක් වාර්තා වූ අතර ඒ සමග මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 86,363ක් දක්වා ඉහළ ගියා.