පේරු රාජ්‍යයේ කොරෝනා මරණ තෙගුණ වෙයි
පේරු රාජ්‍යයේ මරණ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව පේරු රාජ්‍යයේ මරණ සංඛ්‍යාව යළි සළකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස මරණ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ.
පේරු රාජ්‍යය මරණ සංඛ්‍යාව සඟවන බවට විශේෂඥයන් දිගින් දිගටම අනතුරු අඟවා තිබුණා.
පසුගිය ඉරිදා දිනය වනවිට පේරු රාජ්‍යයේ මරණ සංඛ්‍යාව දැක්වුණේ 69,342 ක් ලෙස ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව යාවත්කාලීන දත්ත අනුව එය එක්ලක්ෂ 80,764 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මීට පෙර ලොව දරුණුම කොරෝනා මරණ අනුපාතය සෑම පුද්ගලයන් ලක්ෂයකටම මරණ 300 ක් ව පැවති හංගේරියාවේ මරණ අනුපාතය අභිබවා පේරු රාජ්‍යයේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ සෑම පුද්ගලයන් ලක්ෂයකටම 500 ක් ලෙසයි.