නීතිවිරෝධී ලෙස රුමේනියාවට යාමට උත්සාහ කළ තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ වීසා බලපත්‍ර සහ නාවික හැදුනුම්පත් භාවිතා කරමින් සංචාරයක නිරත වන බවට පවසා රුමේනියාවට පලා යාමට උත්සාහ කළ තරුණයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමාවේ ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් මඩකලපුව සහ යාපනය ප්‍රදේශවල පදිංචි අවුරුදු 21, 31, 36 සහ 41 යන වයස්වල පසුවන්නන්. ඉන් දෙදෙනෙකු සතුව රුමේනියානු වීසා බලපත්‍ර දෙකක් ද තිබූ බව වාර්තා වනවා.
මොවුන් අප්‍රිකාවේ සියරාලියොන් රාජ්‍යය බලා පිටත්ව යාමට තුර්කියේ ස්ථාම්බූල් නුවර බලා පිටත්ව යන ගුවන් යානයකින් මෙලෙස පිටවීමට උත්සාහ දරා තිබෙනවා.