උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර සියලු දුම්රිය ධාවනය නවතයි

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ට වෙන්කළ දුම්රිය කිහිපයක් හැර අද(25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය මාර්ගවල සෙසු දුම්රියන් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විභාගය පවතින අවස්ථාවලදී  ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත අතර පසුවරුවේ දුම්රිය  හතරක් රඹුක්කන සහ පොල්ගහවෙල දකවා ධාවනය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා   පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙයට අමතරව ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රියක්  කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත බවත් එම දුම්රියවල සාමාන්‍ය මගීන්ට ගමන් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වුවත් ගාල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන වල සිට ගමන් අරඹන දුම්රිය කොල්ලුපිටිය දක්වා පමණක් බවද හෙතෙම කීය.

කොරෝනා වයාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවද  දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.