චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
ලොව හදිසි භාවිතය සඳහා චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙලෙස හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් චීනයේ දෙවන කොරෝනා එන්නත ලෙසයි මෙය සැළකෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදීමට පෙර දැනටමත් රටවල් රැසක් මෙම එන්නත භාවිතයට ගනු ලබනවා.