කොළඹ අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ නගරයට ඇතුලුවන වාහන සඳහා අද සිට විශේෂ ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස සහ වත්තල යන ප්‍රදේශවලදී මෙම විශේෂ ස්ටිකරය අලවන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

ඒ, සංචරණ සීමා උල්ලංඝණය කරන්නන් හඳුනාගැනීම සඳහා අද සිට කොළඹ නගරයට ඇතුලුවන වාහන සඳහා විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලිසිය කටයුතු කිරීමේ සිද්ධියත් සමඟයි.

ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස, වත්තල, පෑලියගොඩ සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පෑලියගොඩ, බත්තරමුල්ල සහ ගාලු පාරේ මෙලෙස රථවාහන තදබදය පවතින බවයි.